මහින්දට ශාන්තිකර්මයක් – පූජකයන් ඉන්දියාවෙන්

මහින්දට ශාන්තිකර්මයක් – පූජකයන් ඉන්දියාවෙන්

මහින්ද රාජපක්ෂ ප්‍රබල ශාන්තිකර්මයක් සිදු කිරීම සඳහා ඉන්දියාවෙන් පූජකයන් පිරිසක් ගෙන්වාගෙන ඇතැයි මාධ්‍ය වාර්තා පළකර තිබේ.

පසුගිය සතියේ මෙරටට පැමිණ ආපසු ඉන්දියාව බලා ගිය භාරතීය ජනතා පක්ෂයේ නායක සුබ්‍රමණියම් ස්වාමි මෙම පූජක පිරිස මෙරටට කැඳවා ගෙන ආ බව එම මාධ්‍ය වාර්තාවල සඳහන් වේ. මහින්ද රාජපක්ෂ සහ පවුලේ අනෙකුත් සාමාජිකයන් වෙනුවෙන් විශේෂ “නව රාත්‍රී පූජාවක්” සිදු කර ඇත.

මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුල දේශපාලනික වශයෙන් දැඩි අර්බුදවලට මුහුණ පෑ සියලු අවස්ථාවලදී සුබ්‍රමණියම් ස්වාමි සමීපතම මිතුරෙකු සේ ක්‍රියාකරමින් රාජපක්ෂ පවුල ආරක්ෂා කිරීමට කටයුතු කර තිබිණි.

Facebook
Twitter
LinkedIn