පලාලි ගුවන්තොටුපොළ, රත්මලාන ගුවන්තොටුපොළ සහ සංවර්ධනය සඳහා හඳුනාගත් ඕනෑම ගුවන් තොටුපොළවල් මෙන්ම කන්කසන්තුරේ වරාය සහ ඔලුවිල් වරායේත් සංවර්ධන කටයුතු “චොකා මල්ලි” නොහොත් රාජ්‍ය ඇමති ප්‍රේමලාල් ජයසේකර වෙත පවරා ඇත.
වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා යටතේ තිබූ මෙම කාර්යයන් සිය අත්සනින්න යුතු ගැසට් නිවේදනයකින් මෙලෙස රාජ්‍ය ඇමති ප්‍රේමලාල් ජයසේකර වෙත පවරාදෙමින් සඳහන් කර ඇත්තේ මෙම සංවර්ධන කටයුතු, වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය වරයාගේ අධීක්ෂණය සහ මගපෙන්වීම යටතේ සිදු කළ යුතු බවය.
මෙයට අමතරව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය යටතේ ඇති සියලුම සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් වරාය හා ගුවන් සේවා අමාත්‍ය වරයාට සහාය වීමද රාජ්‍ය අමාත්‍යවරයාට පැවරෙන බව එම ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ.
Views: 0










