පාලකයින්ට අධි පෝෂණය සාමාන්‍ය ජනතාවට මන්දපෝෂණය යැයි මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසති.
මිහින්තලා රජමහා විහාරාධිපති හිමියෝ මේ බව ප්‍රකාශ කර තිබුනේ ඊයේ (02) මිහින්තලා රජමහා විහාරයේ පැවති ආගමික වැඩ සටහනකින් පසුව අනුශාසනාවක් සිදු කරමිණි.
එහිදී මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ පූජ්‍ය ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ,
“නිදහස ලැබීමේ සිට අද දක්වා බලනවිට අප අගාධයට යමින් සිටිනවා. වර්තමානයේ ආණ්ඩු කරවන ඇත්තෝ සහ ආණ්ඩු කරපු ඇත්තෝ සියලු දෙනා මීට වග කිව යුතුයි. ඒ සියළු දෙනාට අධි ආරක්ෂිත කලාප මෙන්ම අධිපෝෂනය පවතිනවා, ඒත් සාමාන්‍ය ජනතාවට ඉතුරු වෙලා තියෙන්නෙ මන්දපෝෂණය පමණයි.
ආර්ථික ඝාතකයින් ලෙස ජාත්‍යන්තරය විසින් හදුන්වා දී තිබෙන මෙරට නායකයින් විවිධ වෙස් ගෙන ඔබලා ඉදිරිපිටට පැමිණියද ඊට නොරැවෙටෙන ලෙස මම රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.”










