පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවෙකු ලෙස නම් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජනාධිපතිවරයාගේ මුක්තිය මත පදනම්ව එම පෙත්සමෙන් ඉවත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කරයි.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් එම නියෝගය නිකුත් කර තිබේ.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වත්මන් ජනාධිපතිවරයා වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටියේය.
28









