සෞඛ්‍ය කඩා වැටීම ගැන වෛද්‍යවරු කරුණු දක්වති

සෞඛ්‍ය කඩා වැටීම ගැන වෛද්‍යවරු කරුණු දක්වති

මේ වනවිට රට තුළ පවතින දැඩි ඖෂධ හිඟය සහ වෛද්‍ය උපකරණ ඇතුළු අනෙකුත් පහසුකම් ලබාදීම බිඳ වැටෙමින් පවතින බව ජාතික විද්වත් සංවිධානයේ වෛද්‍යවරුන් නැවතත් කරුණු සහිතව අනාවරණය කරති.

ඊයේ (19) එම සංවිධානයේ වෛද්‍යවරුන් පවත්වන ලද මාධ්‍ය හමුවකදී මේ පිළිබඳ සවිස්තර තොරතුරු ජනතාවට හෙළිකරනු ලැබීය. රටේ පවතින විනිමය අර්බුදය හමුවේ අදාළ සෞඛ්‍ය උපකරණ සහ ඖෂධ ඉතා ඉහල මිලක් ගෙවා ලබා ගැනීමට සිදුවී ඇති බවත් රුපියල කඩා වැටීම නිසා දේශීය වශයෙන් විශාල පිරිවැයක් දැරීමට සිදුවී ඇති බවත් පෙන්වා දී තිබේ.

විශේෂයෙන්ම දීර්ඝ කාලීනව ඖෂධ ලබා දිය යුතු බෝ නොවන රෝගවලට අදාළව ප්‍රශ්නය උග්‍ර මට්ටමක පවතින බව හෙළිකරනු ලැබීය. පිළිකා රෝගයට ලබා දෙන විකිරණ ප්‍රතිකාරය (රේඩියෝ තෙරපි) සහ මාස තුනක් පමණ පොරොත්තු ලේඛණයේ සිටීමට සිදුවීමෙන් ඉතාම අවධානම්කාරී තත්වයකට රෝගීන් පත්ව සිටින බව වෛද්‍ය විද්‍යා මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මෙහිදී පෙන්වා දෙනු ලැබීය.

එම අවස්ථාවට සහභාගී වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු ආසියානු කලාපය බාරව සිටි ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිහාල් අබේසිංහ කරුණු දක්වමින් ආර්ථිකය කඩා වැටීම, නිෂ්පාදනය බිඳ වැටීම සහ උද්දමනය සෞඛ්‍ය සේවයට එල්ල කර තිබෙන බරපතළ අනතුර ගැන පැහැදිලි කළේය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්