රනිල්ගේ අය වැය ගැන ධනාත්මක සිතන්නැයි සිරිපාල කියයි

රනිල්ගේ අය වැය ගැන ධනාත්මක සිතන්නැයි සිරිපාල කියයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ අයවැය සම්බන්ධයෙන් “ආසයි බයයි” ප්‍රතිපත්තියක නොසිට ධනාත්මකව සිතමු යැයි වරාය හා නාවික ගුවන් සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වා අද (31) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඔහු මේ බව පැවසූවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල් ඇමති ලෙස ඉදිරිපත් කළ අයවැය ගැන ආචාර්ය හර්ෂ ද සිල්වා දැක්වූ අදහස් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිණි. එහිදී ඇමති නිමල් සිරිපාල පැවසූවේ ජනපතිගේ අතුරු අයවැය යෝජනා සම්බන්ධයෙන් මන්ත්‍රී හර්ෂ ද සිල්වාට ප්‍රශ්නයක් නැති බව අවධාරණය වූ නමුත් එය ක්‍රියාත්මක කරගැනීමට හැකි වේදැයි ප්‍රශ්නයක් තිබෙන බව පෙනෙන්නට තිබූ බවය.

“හැම වෙලාවෙම සෘණාත්මක නොවී ධනාත්මකව සිතමු” යැයි පැවසූ ඇමති නිමල් සිරිපාල ද සිල්වා එදා අගමැතිකම බාර ගන්නැයි සජිත් ප්‍රේමදාසට පැය බාගයක් තිස්සේ පැවසූ නමුත් එයින් පලක් නොවූ බවද අවධාරණය කළේය. රනිල් වික්‍රමසිංහ මහතා නොබියව පැමිණ අභියෝගයට බෙල්ල දුන් බවද සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ රට බාරගත් දිනයට වඩා අද දිනය වනවිට රටේ ස්ථාවර බවක් ඇතිවී තිබෙන බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූලික ගිවිසුම අස්සන් කිරීමට හැකි වාතාවරණයක් දක්වා පැමිණ තිබෙන බවද ඇමති නිමල් සිරිපාල සඳහන් කළේය.

Facebook
Twitter
LinkedIn