මේරට 18ට වැඩි සියලුම දෙනා අනිවාර්යෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
ඔහු මේ බව පැවසූවේ මුදල් අමාත්‍යවරයා ලෙස විසර්ජන පනත් කෙටුම්පතට අදාළව අතුරු අයවැය පිළිබඳ කතාව සිදු කිරමිණි.
මෙහදී 2025 වසර වනවිට රාජ්‍ය ආදායම 15% කින් වැඩි කරන බවත් වසර 25කට අදාළ ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් සකස් කරන බවත් ආදායම් වැඩිකිරීමේ නව යෝජනා 2023 අයවැයට ඉදිරිපත් කරන බවත් එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහිදී ප්‍රකාශ කරන ලදී.
එමෙන්ම එකතු කළ අගය මත බදු සැප්තැම්බර් මස 01 වනදා සිට 12% සිට 15% දක්වා ඉහළ දමා ඇති අතර රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකයක් පිහිටුවීමට රුපියල් මිලියන 200ක් වෙන් කල බවද සඳහන් කර තිබේ. ඊට අමතරව රාජ්‍ය ආදායම් ඉහළ නංවා ගැනීමට අදාළ පාර්ලිමේන්තු කමිටුවක් හා අබලි ද්‍රව්‍ය බැහැර කිරීමට අධීක්ෂණ කමිටුවක් පිහිටුවීමටත් රාජ්‍ය සම්පත් සංවර්ධනය සඳහා විදේශ ආයෝජකයින් ආකර්ෂණයට පියවර ගන්නා බවත් එහිදී සඳහන් කර ඇත.
රාජ්‍ය වියදම් ක්‍රමවේදය අධීක්ෂණයට නව අධීක්ෂණ ක්‍රමවේදයක් සකස් කරන බවත් රාජ්‍ය බැංකුවල මුළු කොටස් අයිතියෙන් 20%ක් තැම්පත් කරුවන් වෙත පිරිනමන බවත් ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්වූවන් සඳහා ලබාදුන් සහනය ඉදිරි මාස 04ටද ලබාදීමට පියවර ගන්නා බවත් භූමිතෙල් අර්බුදයෙන් පීඩාවට පත් ධීවරයින්ට සහනාධාරයක් ලබා දෙන බවත් ගැබිණි මව්වරුන් සඳහා දැනට ලබාදෙන රුපියල් 20,000ක දීමනාවට රුපියල් 25,000ක අමතර දීමනාවක් එක් කරන බවත් සඳහන් කර ඇත.










