රනිල් වික්‍රමසිංහ මුදල් ඇමති විසින් අද (30) ඉදිරිපත් කළ අයවැය කතාවේදී අගමැති දිනේෂ් ගුණවර්ධන මේ දක්වා නියෝජනය කළ ආර්ථික ස්ථාවරයට දැඩි ප්‍රහාර එල්ල කරනු ලැබීය.
එහිදී විශේෂයෙන්ම ගෙන හැර දැක්වූයේ ව්‍යාපාර ජනසතු කිරීමත් සමඟ ආර්ථිකය කඩා වැටීම ආරම්භ වූ බවය. දිනේෂ් ගුණවර්ධනගේ පියා පිලිප් ගුණවර්ධන කැබිනට් ඇමති ධුරයක් දැරූ 1956 මහජන එක්සත් පෙරමුණු ආණ්ඩුව ජනසතු කිරීම් ආරම්භ කරනු ලැබීය.
මේ වනවිට පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් තෝරා පත්කර ගෙන සිටින රනිල් වික්‍රමසිංහ ජනාධිපති යටතේ දිනේෂ් ගුණවර්ධන අගමැති වශයෙන් පත් කර සිටින අතර මෙම ප්‍රහාර එල්ල කිරීම සිදු කරනු ලැබීය. දිනේෂ් ගුණවර්ධන ඇතුළු පිරිස පසු කාලීනව චන්ද්‍රිකා බන්ඩාරණායක ජනාධිපතිනිය යටතේ පෞද්ගලීකරණයට පක්ෂව ක්‍රියා කළෝය. රනිල් වික්‍රමසිංහ ඉතා වේගයෙන් රාජ්‍ය ආයතන විකුණා දැමීමට පසුබිම සකස් කරමින් දිනේෂ් ගුණවර්ධනලාගේ ප්රගතිශීලි ඉතිහාසයට ප්‍රහාර එල්ල කරනු ලැබීය.










