උණ හැදෙන බොහෝ දෙනෙකුට කොවිඩ්

උණ හැදෙන බොහෝ දෙනෙකුට කොවිඩ්

මේ දිනවල උණ රෝගය වැළඳී ඇති පිරිසගෙන් බොහෝ දෙනෙකු කොවිඩ් – 19 ආසාදිතයන් ලෙස සෞඛ්‍ය අංශ විසින් හඳුනා ගනු ලැබ තිබේ.

බිම් මට්ටමින් පැතිර යන මෙම රෝගය වළක්වා ගැනීම සඳහා සෞඛ්‍ය අංශ අවශ්‍ය පියවර නොගැනීම නිසා ඉදිරියේදී මෙම රෝගය තවදුරටත් ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි.

පෙර ලබාගත් ප්‍රතිශක්තිකරණ එන්නත් නිසා යම්තාක් දුරකට හෝ මෙම රෝගය ව්‍යාප්ත වීම අඩාල වී තිබූ නමුත් නැවත වතාවක් එම රෝග ලක්‍ෂණ තිබෙන අය බොහෝ පිරිසක් සමාජය තුළින් හමුවීම බරපතළ කාරණයක් බවද ඔහු පවසයි.

උණ රෝගී ලක්‍ෂණ ඇති දරුවන් පාසල් යැවීම නිසා පාසල් තුළ මෙම රෝගය පැතිර යාමේ අවදානමක් ඇතිවිය හැකි බවද ඔහු සඳහන් කරයි.

මෙම රෝගය තවදුරටත් පැතිරී ගියහොත් සමාජ ඒකරාශීන් සිදුකරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්