හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් ලුතිනන් යෝෂිත රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක නිලධාරියෙකු ලෙස අනුයුක්ත කර ඇති බව වාර්තා වේ. ඔහු ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ලිඛිතව ඒ සඳහා ඉල්ලීම් කර තිබූ බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පසුගිය දිනෙක ප්‍රකාශ කර තිබිණි.
පසුගිය ජනවාරි 25 වැනි දින ජනතා විමුක්ති පෙරමුණ විසින් ආරක්ෂක ලේකම්වරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර සිටියේ යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බැඳුණු ආකාරය හා උසස්වීම් ලැබුණු ආකාරය, විදෙස් ශිෂ්‍යත්ව ලැබුණු ආකාරය මෙන්ම ඔහු දේශපාලන කටයුතුවලට සම්බන්ධ වීම පිළිබඳව විමර්ශනයක් පවත්වන ලෙසය. නාවික හමුදාව විසින් ඒ සම්බන්ධයෙන් ද විමර්ශනයක් ආරම්භ කර ඇතත් ඒ කිසිදු පරීක්ෂණයකට යෝෂිත රාජපක්ෂ සම්බන්ධ නොවී ඇති තත්වයක් තුළ මෙම පත් කිරීම සිදු කර ඇති බව වාර්තා වේ.
ආශ්රිත පුවත්:-
Views: 0









