කොවිඩ් සියයට 10 කින් වැඩිවෙලා

කොවිඩ් සියයට 10 කින් වැඩිවෙලා

ලංකාවේ කොවිඩ් පැතීරීම සියයට 10 කින් පමණ වැඩිවීම හේතුවෙන් ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩිව පිළිපදිමින් ප්‍රවේශම් වීමට වග බලාගත යුතු බව කොවිඩ් සම්බන්ධීකාරක සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි පවසයි.

කොවිඩ් රෝගය පැතිරීමක් ඇති වුවත් කිසිම ආකාරයකින් රට හෝ වෙනයම් ස්ථානයක් හෝ කිසිසේත්ම නොවසන බවත් රටේ ප්‍රශස්ත ප්‍රතිශක්තියක් පවතින හෙයින් කොවිඩ් රෝගීන් නිවෙස්වලම කලමනාකරණය කර ගත හැකි බවත් එමෙන්ම නියමිත එන්නත් මාත්‍රා ලබා ගෙන නැති පුද්ගලයන් වහාම එන්නත් ලබා ගැනීමට කටයුතු කළ යුතු බවත් කොවිඩ් සම්බන්ධීකාරකවරයා ප්‍රකාශ කළේය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්