වර්තමානයේ ඇතිවී තිබෙන ගැඹුරු ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ප්‍රමාණවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ශ්‍රී ලංකාව සකස් කලයුතු බව ලෝක බැංකුව ඊයේ (28) නිකුත් කළ නිවේදනයකින් අවධාරණය කර තිබේ.
එම නිවේදනය මගින් විශේෂයෙන් අවධාරණය කර තිබෙන්නේ මේ වන විට මුහුණ දී සිටින ගැඹුරු ආර්ථික අර්බුදයට හේතුවූ ව්‍යුහාත්මක කරුණු අධ්‍යනය කර ඉවත් කළ යුතු බවය. එසේ කිරීමට ගැඹුරු ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකල යුතු බවද නිවේදනයෙන් පෙන්වා දී ඇත. මේ වන විටද මෙරට දරිද්‍රතාවයට පත් ජනතාව සඳහා ඖෂධ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය පාසල් දරුවන්ගේ ආහාර සැපයීමේ වැඩපිළිවෙල යනාදිය වෙනුවෙන් ඩොලර් මිලියන 160 ක් ලෝක බැංකුව විසින් ලබාදී ඇති බවද නිවේදනයේ දැක්වේ.
මෙරට ආර්ථිකය ගලවා ගැනීම සඳහා කිසිදු විදේශිය රටක් හෝ සංවිධානයක් ඉදිරිපත් නොවන බවත් ඊට අදාල සැලසුම් මෙරට විසින්ම සකසා ගත යුතු බවත් ජාතික ජනබලවේගය අවස්ථා ගණනාවකදී පෙන්වා දී තිබිණි. ඒ වෙනුවෙන් මහජන විශ්වාසය දිනාගන්නා පාලනයක් පිහිටුවිය යුතු බවද ජාතික ජනබලවේගය පෙන්වා දී තිබේ.









