රනිල්ගේ බලය වර්ධනය කර ගැනීමට අමාත්‍ය ධුර 5ක්

රනිල්ගේ බලය වර්ධනය කර ගැනීමට අමාත්‍ය ධුර 5ක්

රනිල් වික්‍රමසිංහ විසින් පත්කරන ලද කැබිනට් මණ්ඩලයට පවරා නොදුන් ඉතා වැදගත් අමාත්‍යංශ 5ක් ඔහු යටතේ තබාගෙන ඇති අතර ඉදිරියේදී බල ව්‍යාපෘතිය සඳහා එම අමාත්‍යංශ යොදා ගැනීමට සැලසුම් කර ඇති බව අනාවරණය වේ.

රනිල් වික්‍රමසිංහ යටතේ මුදල්, තාක්ෂණ කාන්තා හා ළමා, වරාය හා නාවික සහ ආයෝජන ප්‍රවර්ධන යන ප්‍රධාන අමාත්‍යංශ මේ වනවිට තබා ගෙන සිටී. රට දරුණු ආර්ථික අර්බුදයක පවතිද්දී එයට පිළියම් යෙදීම සඳහා පිළිගත් මුදල් ඇමතිවරයෙකු පත් කිරීම ප්‍රමුඛතම අවශ්‍යතාවයක්ව තිබියදී මෙලෙස තමා වෙත තබා ගෙන ඇත.

රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපති ලෙස ආරක්ෂක අමාත්‍යංශයද තබාගනෙ ඇති අතර ඒ යටතට අයත් ආයතන 28ක් ගැසට් කර තිබේ. ඔහු යටතේ තිබෙන සියලු අමාත්‍යංශවලට අයත් මුලු ආයතන ගණන 139කි. ගෝඨාභය රාජපක්ෂටත් වඩා විශාල ආයතන ප්‍රමාණයක් සහ අමාත්‍යංශ සංඛ්‍යාවක් කාල නියමයක් රහිතව මේ ලෙස තබා ගෙන ඇත.

අමාත්‍යංශවලට ආයතන පැවරීමේ ගැසට් පත්‍රය – 2022 ජූලි 22

Facebook
Twitter
LinkedIn