රාජපක්ෂ පිලේ ප්‍රබලයින්ගේ හොරකම් පිළිබඳ පරීක්ෂණ කිරීමට CID යට නියෝග!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ සිටි ඇමති මහින්දානන්ද අලුත්ගමගේ, විදේශ කටයුතු අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී සජීන් වාස් ගුණවර්ධන හා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම යන අයගේ සහ ඔවුන්ගේ ඥාතීන්ගේ වත්කම් බැරකම් විමර්ශනය කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (20) අවසර දෙනු ලැබීය.

ජනතා විමුක්ති පෙරමුණ මොවුන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි ඉදිරිපත් කරනු ලැබූ අතර රාජපක්ෂ පාලන සමයේ සිදු වූ මහා පරිමාණ වංචා, දූෂණ සම්බන්ධයෙන් මෙන්ම වසර කිහිපයක් තුළ මොවුන් ඇතුළු රාජපක්ෂ කල්ලියේ සිටී පිරිස් උපයාගත් වත්කම් බැරකම් සම්බන්ධයෙන් බරපතල සැකයක් පවතී. ඊට අදාළ විමර්ශන කටයුතු සිදු කිරීම පිළිබඳ නඩුව ඊයේ විභාගයට ගත් අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා විසින් මෙම අවසරය රහස් පොලිසිය වෙත ලබා දෙනු ලැබීය. ඒ අනුව රාජ්‍ය හා පෞද්ගලික බැංකු ඇතුළු මූල්‍ය ආයතන 81 කින් මීට අදාළ තොරතුරු විමර්ශනය සිදු කිරීමට නියමිත බව අනාවරණය වේ.

Facebook
Twitter
LinkedIn