ජනාධිපති අරමුදලෙන් 2012 වර්ෂයේදී කෙහෙළිය රඹුක්වැල්ල හිටපු ඇමතිවරයාට රුපියල් එක්කෝටි නවලක්ෂ අටදහස් හත්සිය අනූ අටක් (රු. 10,908,798) සහ හිටපු අගමැති දීමූ ජයරත්න මහතාට රුපියල් දෙකෝටි අනූ දෙලක්ෂ අනූ අටදහස් නවසිය විසි හයක් (රු. 29,298,926) වෛද්‍යාධාර වශයෙන් ගෙවා ඇති බව හෙළි වේ.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අසා තිබූ ප්‍රශ්නයකට ලැබුණු පිළිතුරකින් මේ බව හෙළි වේ. මහජන නියෝජිතයින්ට එම වර්ෂයේ ලබා දී තිබූ මුලු වෛද්‍යාධාර ප්‍රමාණය රුපියල් හාරකෝටි හතලිස් එක්ලක්ෂ හතලිස් නවදහස් එකසිය හැට අටක් (රු. 44,149,168)ය.
කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයාට මෙම වෛද්‍යාධාර මුදල ගෙවා ඇත්තේ ඕස්ට්‍රේලියාවේ සංචාරක හෝටල් කාමරයක ඇදවැටීමෙන් පාදයක් බිඳී යාමට ප්‍රතිකාර ගැනීම සඳහාය.
ජනාධිපති අරමුදල සාමාන්‍යයෙන් ණය දෙන ආයතනයක් නොවූවද කෙහෙළිය රඹුක්වැල්ල හිටපු ඇමතිවරයා මෙම මුදල කොටස් වශයෙන් ආපසු ගෙවන බවට පොරොන්දු වී තිබීම විශේෂත්වයක්ය.
පාර්ලිමේන්තුවට ලබා දී තිබූ පිළිතුරෙහි කොපමණ මුදලක් ආපසු ගෙවා ඇත්දැයි සඳහන් කර නැත.










