ක්‍රෙඩිට් කාඩ් පොලිය ඉහළට

ක්‍රෙඩිට් කාඩ් පොලිය ඉහළට

ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා අය කරනු ලබන වාර්ෂික පොලී අනුපාතික තවදුරටත් වැඩි කිරීමට මෙරට වානිජ බැංකු කිහිපයක් විසින් මේ වනවිට පියවර ගෙන ඇත.

ඔවුන් සඳහන් කර සිටින්නේ ක්‍රෙඩිට් කාඩ්පත් හරහා සිදුකරනු ලබන ගනුදෙනු වෙනුවෙන් අයකරනු ලබන වාර්ෂික පොලී අනුපාතිකය 36%ක් දක්වා ඉහළ නංවා ඇති බවයි.

ණය කාඩ්පත් සඳහා පනවා තිබූ උපරිම පොලී අනුපාතික සීමා ඉවත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පසුගිය අප්‍රේල් 08 දින තීරණය කරනු ලැබීය.

එම තීරණයෙන් පසු එතෙක් 18%ක්ව පැවති ණය කාඩ්පත් පොලිය 24%ක් දක්වාත් ඉන්පසු 30%ක් දක්වාත් ඉහළ යන ලදී.

අද වනවිට එය 36%ක් දක්වා ඉහළ දමා ඇත.

Facebook
Twitter
LinkedIn