පාර්ලිමේන්තුව තුළින් ජනාධිපතිවරයා තෝරාපත්කරගැනීමට පොහොට්ටු පක්ෂයේ ලේකම් සාගර කාරියවසම්ගේ පිල නියෝජනය කළ රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කර තිබේ.
ඔහු ඡන්ද 134ක් ලබාගෙන ඇති අතර පොහොට්ටු පක්ෂයේ සභාපති ජී.එල් පීරිස්ගේ පිල නියෝජනය කළ ඩලස් අලහප්පෙරුම ඡන්ද 82ක් ලබාගෙන ඇත.
ජාතික ජන බලවේගයේ අනුර දිසානායක ඡන්ද 03ක් ලබාගන්නා ලදී.
හිටපු ජනාධිපති ගෝටාබය රාජපක්ෂ ජනතා විරෝධය හමුවේ රටෙන් පලායාමෙන් පසු පුරප්පාඩු වූ ජනාධිපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතරින් මන්ත්‍රීවරයෙකු ජනාධිපති ලෙස තෝරාපත්කරගැනීමේ ඡන්ද විමසිම අද (20) පැවැත්විණි.
Views: 0










