රනිල්ද? අනුරද? ඩලස්ද? – ඡන්දය ඇරඹෙයි

රනිල්ද? අනුරද? ඩලස්ද? – ඡන්දය ඇරඹෙයි

ජනතාද්‍රෝහී ලෙස රට පාලනය කළ හිටපු ජනාධිපති ගෝටාබය රාජපක්ෂ ජනතා විරෝධය හමුවේ රටෙන් පලායාමෙන් පුරප්පාඩු වූ ජනාධිපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතරින් මන්ත්‍රීවරයෙකු ජනාධිපති ලෙස තෝරාපත්කරගැනීමේ ඡන්ද මේ වනවිට ආරම්භ වී තිබේ.

ජනාධිපති ධුර අපේක්ෂකයින් ලෙස එක්සත්ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, පොහොට්ටු පක්ෂ මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සහ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ඉදිරිපත්ව සිටිති.

එක්සත්ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේනම පොහොට්ටු පක්ෂයේ ප්‍රබලයෙකු වන දිනේෂ් ගුණවර්ධන විසින් යෝජනා කළ අතර එය ස්ත්‍රීර කරනු ලැබූවේ සමගි ජන බලවේගයේ මන්ත්‍රී මනූෂ නානායක්කාර විසිනි.

පොහොට්ටු පක්ෂ මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමගේ නම විපක්ෂනායක ස.ජ.බ නායක සජිත් ප්‍රේමදාස විසින් යෝජනා කළ අතර එය පොහොට්ටු පක්ෂ සභාපති ජී.එල් පීරිස් විසින් ස්ථීර කරන ලදී.

මේ අතර ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායකගේ නම යෝජනා කරනු ලැබූවේ එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් විසිනි. එය එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනී අමරසූරිය විසින්ක ස්ථීර කරන ලදී.

Facebook
Twitter
LinkedIn