ශ්‍රී ලංකාව සියලුම අංශවලින් බිඳ දැමීමීමත් සමඟ ලෝකයේ ආර්ථික, දේශපාලනික හෝ වෙන කුමන හෝ අරමුණු වෙනුවෙන් බල ව්‍යාපෘතිවල යෙදී සිටින සියලුම රටවල් සහ සංවිධාන ලංකාව වට කරගෙන සිටිති.
විශේෂයෙන් ම ඉන්දියාව ලංකාවට දැඩිව ගිනි පොලී ණය ලබාදී ඇති රට ලෙස පෙරමුණට පැමිණ සිටින අතර මෙරට ඉන්දියාවේ ප්‍රාන්ත්‍රයක් බවට පත්කර ගත යුතු යැයි මතයක් එරට දේශපාලන පක්ෂ විසින් ගෙන යමින් සිටී. මේ අතර ලංකාවේ තත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඊයේ (18) ඉන්දියාවේ සියලුම පක්ෂ එකතු වී සර්ව පාක්ෂික සමුළුවක් ද පවත්වනු ලැබීය.
චීනය මෙරටට ඩොලර් බිලියන 4.1ක නව ණය පැකේජයක් ලබාදීමට ඉදිරිපත් වී ඇති අතර එයින් ඩොලර් බිලියන 3ක් කෙටි කාලීන ණය හුවමාරු පහසුකමක් යටතේ ලබාදීමට සූදානම් බව අනාවරණය වේ. මෙම ණය ලංකාවට ලබා දුනහොත් ඉන්දියාව සහ චීනය තරඟයක යෙදී මෙරට ආර්ථිකය මුලුමනින්ම ගිල ගනු ඇති බවට ආර්ථික විශේෂඥයන් අනතුරු අඟවති.
බ්‍රිතාන්‍යයේ රාජ්‍යතාන්ත්‍රිකයන් ලංකාවට මානුෂීය ආධාර ලබාදිය යුතු යැයි යෝජනා කර තිබෙන අතර එය බ්‍රිතාන්‍යය මුල්වී පොදු රාජ්‍ය මණ්ඩලය හරහා පූර්ණ මැදිහත්වීමෙන් යුක්තව සිදුකළ යුතු බවට අවධාරණය කර තිබේ. ඊට අමතරව යුරෝපා සංගමය ද ලංකාව කෙරෙහි විශේෂ අවධානය යොමුකර ඇත. යුක්රේනය විනාශකාරී යුද්ධයකට යොමු කර එරට ජනාධිපති සෙලෙන්ස්කි ප්‍රකාශයක් කරමින් ලංකාවේ ඇතිවී තිබෙන තත්වයට රුසියාව වගකිය යුතු බවට චෝදනා කර ඇත.
ජපාපනයේ විශේෂ දූත පිරිසක් මේ වනවිට ලංකාවට පැමිණ සිටී. ඇමරිකාවේ විශේෂ අවධානය ඍජුවම ලංකාව කෙරෙහි යොමුකර එහි වක්‍ර බලපෑම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව හරහා දියත් කරමින් සිටී. වැඩි බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපති ලෙස ඉදිරිපත් වී සිටින්නේ මෙම පසුබිම තුළය.










