ගෝල්ෆේස් අරගල භූමියේ අද (13) පස්වරුවේ පැවති ජනතා රැලියට සහභාගී වී සිටි අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ එම රැලිය අමතමින් සිටියදී එහි පැමිණි කඩාකප්පල් කාරීන් පිරිසක් ඔහුගේ කතාවට බාධා කිරීම හේතුවෙන් එම පිරිස අරගල භූමියෙන් ඉවත් කිරීමට අරගල භූමියේ තරුණයින් ක්‍රියා කර ඇත.
පසුගිය 09 වෙනිදාද යම් යම් කඩාකප්පල්කාරී කටයුතු කිරීමට උත්සාහ කිරිම හේතුවෙන් මෙම පිරිස මෙලෙසම පන්දා දමා ඇති බවද වාර්තා වේ.
ඔවුන් අගමැති මෙන්ම වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් හසුරවනු ලබන පිරිසක් බව අරගල භූමියෙන් වාර්තා වේ.
Views: 0










