ජනමතයට හිස නමා ධුරයෙන් ඉවත් වෙන්න – ත්‍රිවිදහමුදාපතිවරු සහ පොලිස්පති රනිල්ට දන්වයි

ජනමතයට හිස නමා ධුරයෙන් ඉවත් වෙන්න – ත්‍රිවිදහමුදාපතිවරු සහ පොලිස්පති රනිල්ට දන්වයි

ජනමතයට හිස නමා ධුරයෙන් ඉවත්වන්නැයි ත්‍රිවිදහමුදාපතිවරු සහ පොලිස්පතිවරයා අගමැති රනිල් වික්‍රමසිංහට දැනුම් දී ඇතැයි වාර්තාවේ.

මේ සම්බන්ධයෙන් අනාවරණය කරමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියේ අද (13) සන්ධ්‍යාවේ පැවති විශේෂ පක්ෂ නායක රැස්වීමට පැමිණීමට පෙර ත්‍රිවිධ හමුදාපතිවරු සහ පොලිස්පතිවරයා අගමැති රනිල්වික්‍රමසිංහ හමුවී මේ බව දැනුම් දී ඇති බවයි.

අද පැවති පක්ෂ නායක රැස්වීමට ත්‍රිවිදහමුදාපතිවරුද සහ පොලිස්පතිවරයාද කැඳවා තිබිණි.

කෙසේ වෙතත් අද පැවති පක්ෂ නායක රැස්වීමට අගමැති රනිල් වික්‍රමසිංහ සහභාගී වී නැත.

Facebook
Twitter
LinkedIn