නව ජනපති සඳහා දින තුනක් තුළ නාමයෝජනා කැඳවීමේ තීරණයක්

නව ජනපති සඳහා දින තුනක් තුළ නාමයෝජනා කැඳවීමේ තීරණයක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබන 13න්වනදා ඉල්ලා අස්වුවහොත් අභිනව ජනාධිපතිවරයකු පත්කර ගැනීම සඳහා දින තුනක් ඇතුළත පාර්ලිමේන්තු මන්ත්‍ත්‍රීවරුන්ගෙන් නාම යෝජනා කැදවීමට පාර්ලිමේන්තු පක්ෂ නායකයෝ ඊයේ (06) පස්වරුවේ තීරණ කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ලබන පහළොස් වැනිදා සිට නාම යෝජනා කැදවීමටත් නාමයෝජනා කැඳවීම ලබන සතියේ අඟහරුවාදා අවසන් කිරීමටත් තීරණය කර ඇත.

නාම යෝජනා අවසන් කිරීමෙන් පසු ලබන සතියේ බදාදා හා බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුව රැස්වී ඡන්දයක් පවත්වා ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමට නියමිතය.

මේ අතර රටේ ආර්ථික තත්වය සම්බන්ධයෙන් පක්ෂ නායකයන් හෙට (12) උදේ රැස්වී සාකච්ඡා කිරීමටද නියමිත බවද වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn