TNA කෙසේ වෙතත් මම ජවිපෙට එකඟයි

දෙමළ ජාතික සන්ධානය (TNA)මතය කුමක් වුවත් තමන් ජනතා විමුක්ති පෙරමුණේ මතය පිළිගනිමින් කටයුතු කරන බව නැගෙනහිර පළාත් සභාවේ TNA මන්ත්‍රී  ජනාර්තනන් මහතා පවසයි.

ඒ මහතා මෙ බව පවසා ඇත්තේ පසුගිය 13වනදා ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සමග ත්‍රීකුණාමලය ප්‍රදේශයේ පැවති හමුවකදීය.

රාමලිංගම් මහතා එදින ත්‍රීකුණාමලය ප්‍රදේශයේ ජන හමු කිහිපයක් සඳහා සහභාගී වී ඇති අතර ඒ බව දැනගත් දෙමළ සන්ධාන මන්ත්‍රීවරයා පණිවිඩකරුවෙකු ලබා චන්ද්‍රසේකර් මහතාව හමුවීමට අවශ්‍ය බව පවසා තිබේ. පසුව චන්ද්‍රසේකර් මහතා ඊට කැමැත්ත පළ කර ඇත. ඒ අනුව එම සාකච්ඡාව සිදුව ‍තිබේ.

ජනතා විමුක්ති පෙරමුණ මේ මොහොතේ කටයුතු කරමින් තිබෙන ජනතා වාදී වැඩපිළිවෙල ඉතා ඉහළින් අගය කර ඇති එම මන්ත්‍රීවරයා, නැගෙන හිර පළාතේ සිදුවෙන වංචා, දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් චන්ද්‍රසේගර් මහතා සමග ධීර්ගව සාකච්ඡා කර ඇත. TNA ස්ථාවරය කෙසේ වෙතත් තමන් ජවිපෙ ගන්න ක්‍රියාමාර්ග සමග සිටින බවත් මේ පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කිරීමටත් තමන් කැමති බවත් එහිදී වැඩිදුරටත් පවසා තිබේ.

Facebook
Twitter
LinkedIn