හරින් සහ මනුෂ ඇමති ධුරවලින් ඉල්ලා අස්වෙයි…

හරින් සහ මනුෂ ඇමති ධුරවලින් ඉල්ලා අස්වෙයි…

සංචාරක හා ඉඩම් ඇමති හරින් ප්‍රනාන්දු සහ කම්කරු හා විදේශ රැකියා ඇමති මනුෂ නානායක්කාර සිය ඇමති ධුරවලින් ඉල්ලා අස්වී තිබේ.

ඔවුන් දෙදෙනා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත්වූ මන්ත්‍රීවරු දෙදෙනෙකු වන අතර පසුගියදා ගෝටාබය රාජපක්ෂ ආණ්ඩුවේ අගමැති ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පත්වන විට ඔහු සමග එක්ව ඇමති ධුර බාරගන්නා ලදී.

Facebook
Twitter
LinkedIn