ජනාධිපති ඉල්ලා අස්වන දිනය දැනුම්දෙයි…

ජනාධිපති ඉල්ලා අස්වන දිනය දැනුම්දෙයි…

ජනාධිපති ගෝටාභය රාජපක්ෂ ලබන 13 වෙනිදා ඉල්ලා අස්වන බව තමන් වෙත දැනුම්දුන් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන නිවේදනය කරයි.

“අද දින පක්ෂ නායකයන්ගේ රැස්වීමෙන් ගත් එකඟතාවය අනුව මා විසින් එම තීරණය ජනාධිපතිතුමා වෙත පෞද්ගලිකව දන්වන ලදී. ඔහු විසින් එම තීරණය ක්‍රියාත්මක කිරීමට එකඟතාවය පලකරයි. නමුත් සාමකාමීය පාලනය බාරදීමේ අවශ්‍යතාවය නිසා ඔහුගේ ඉල්ලා අස්වීම 13වන බදාදා දින සිදුකරන බව රටට දන්වන ලෙස මාවෙත දැනුම්දුන්නා. එබැවින් තවදුරටත් රටේ නොසන්සුන්තාවයක් ඇති කිරීමට අවශ්‍ය නොවන බැවින් සාමකාමීව පාලනය බාරගතහැකි වන පරිදි රට සන්සුන්ව තැබීමට ඔබ සියලුදෙනාගේ සහයෝගය රට වෙනුවෙන් හා අපේ රටේ ජාතියේ අනාගතය වෙනුවෙන් ලබාදෙන ලෙස ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

මේ වනවිට ගරු රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය තුමාගේ පෞද්ගලික නිවසට ගිනිතබා විනාශ ඇතැම් පිරිස් ප්‍රචණ්ඩත්වය මුදාහැරීමට කටයුතු කර ඇත. එබැවින් තවදුරටත් එම ක්‍රියාවලට මැදිහත් නොවී සාමකාමීව නිවෙස්වලට විසිර යන ලෙස සියලුදෙනාගෙන්ම වගකීමෙන් යුක්තව ඉල්ලා සිටිමි.

එසේම මෙම කටයුතු සාර්ථකව අවසන් කරනතෙක් රටේ දෛනික කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන ලෙසට සියලු රාජ්‍ය සේවකයන්ගෙන් හා මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිමි.” යැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන එම නිවේදනය නිකුත්කරමින් සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn