ඇඳිරිනීතියත් රිවස් කරගනියි…

ඇඳිරිනීතියත් රිවස් කරගනියි…

බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාශ 07ක් ආවරණය වන පරිදි ඊයේ (08) රාත්‍රී 09 සිට නැවත දැනුම් දෙන තුරු පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය අද (09) පෙරවුරු 6.00ට ඉවත් කරන බව පොලිස් මූලස්ථානය පවසයි.

බස්නාහිර පළාතට අයත් කොළඹ උතුර, කොළඹ දකුණ, කොළඹ මධ්‍යම, සහ නුගේගොඩ කොට්ඨාශය, ගල්කිස්ස, කැළණිව කොට්ඨාශය, මීගමුව කොටඨාසය යන පොලිස් කොට්ඨාසවලට මෙලෙස පොලිස් ඇඳිරි නීතිය පනවා තිබිණි.

පොලිස්පතිවරයාගේ නියෝගයක් මත මෙලෙස ඇඳිරිනීතිය පනවා තිබිබූ අතර එය නීතිවිරෝධී ක්‍රියාවක් බවත් එලෙස ඇඳිරිනීතිය පැනවීමට පොලිස්පතිවරයා බලයක් නොමැති බවත් මෙය අනීතික නීතියක් බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෙන්ම දේශපාලන පක්ෂ ගණනාවක්ද අවධාරණය කරනලදී.

මෙලෙස අනීතිකය ඇඳිරිනීතය පැනවීම සම්බන්ධයෙන් දැඩි ජනතා විරෝධයක්ද එල්ල වූ අතර මේ වනවට එම ඇඳිරිනීති තත්වය ඉවත් කර ඇත්තේ එවන් පසුබිමකය.

Facebook
Twitter
LinkedIn