ආණ්ඩුවේ ලොක්කෝ මාරාන්තිකව බයවෙයි – ඇඳිරිනීතිය පනවයි

ආණ්ඩුවේ ලොක්කෝ මාරාන්තිකව බයවෙයි – ඇඳිරිනීතිය පනවයි

හෙට (09) පැවැත්වීමට සූදානම් කර තිබෙන සාමකාමී විරෝධතාවලට ආණ්ඩුව අතිශයින් බියපත් වී බස්නාහිර පළාතේ පොලිස් බලප්‍රදේශ 07කට රාත්‍රී 09 සිට නැවත දැනුම්දෙන තුරු ඇඳිරිනීතිය පනවා ඇත.

ඇඳිරිනීතිය පනවා ඇති පොලිස් කොට්ඨාස වන්නේ මීගමුව, කැලණිය, නුගේගොඩ, ගල්කිස්ස, කොළඹ (උතුර), කොළඹ (දකුණ), කොළඹ (මධ්‍යම) යන කොට්ඨාසවලටය.

මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට දුරකථන භාවිතය කථන ඇමතුම්වලට පමණක් සීමා කර ඇතැයි සමාජ මාධ්‍ය තුළ සංසර්ණය වන ලිපිය ව්‍යජ එකක් බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn