විමල්ගේ ගෝලයාට තවත් නඩුවක්

පොලිස් සැර‍යන්වරයෙකුට මුදල් වංචාවක් කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටි, රාජපක්ෂ ආණ්ඩුවේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයාව සිටි විමල් වීරවංස මහතාගේ මීරිගම අසන සංවිධායක කපිල නිශාන්ත කුමාර බියන්විල හෙට (12) දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

පොලිස් සැරයන්වරයාට රන්පාකුණගම නිවාම ව්‍යාපෘතියෙන් නිවසක් ලබා දෙන බව පවසා ඔහු රුපියල් හත්ලක්ෂ අසූහත්දහස් පන්සියයක් (රු.784,500) වංචා කිරීමේ චෝදනා මත ඔහු පළමුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී ඔහුව ලක්ෂ දෙකක ශරීර ඇප මත නිදහස් විය.

කෙසේ නමුත් ඔහු සිදු කර ඇති තවත් මුදල් වංචාවක් සම්බන්ධයෙන් මීරිගම පොලීසිය ගොනු කර ඇති තවත් පැමිණිල්ලක් සම්බන්ධයෙන් මෙසේ ඔහු හෙට දක්වා රක්ෂිත බන්ධානාගාරගත කර තිබේ.

පොලිස් සැරයන්වරයාට මුදල් වංචා කිරීමේ නඩුව ජූනි 22වනදා නැවත කැඳවනු ලැබේ.

Facebook
Twitter
LinkedIn