මුහුද ගොඩ ගැලීමෙන් මහාමාර්ගයක් වසාදමයි… පෝට්සිටිය නිසාදැයි ජනතාව ප්‍රශ්න කරති…

මුහුද ගොඩ ගැලීමෙන් මහාමාර්ගයක් වසාදමයි… පෝට්සිටිය නිසාදැයි ජනතාව ප්‍රශ්න කරති…

මුහුදු රළ ගොඩට පැමිණීම හේතුවෙන් ගාලු පාර, අම්බලන්ගොඩ මාදම්පේ උස්මුදලාව හංදිය සිට දෙහිවල දක්වා වසා දමා ඇතැයිද එම මාර්ගවල ගමන් කරන්නන් විකල්ප මාර්ග භාවිතා කරන්නැයිද පොලීසිය රියදුරන් වෙත දැනුම්දීමක් කරයි.

පවතින දැඩි සුළං තත්වය සහ මුහුදේ කැළඹිලි ස්වභාවය නිසා දෙහිවල අම්බලන්ගොඩ ගාල්ල ඇතුළු ප්‍රදේශ රැසක මුහුදු රළ ගොඩට පැමිණීම හේතුවෙන් ගමනාගමනයට දැඩි බාධා වී තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ නිරිතදිග මෝසම් තත්වය සක්‍රීය වීම මත බස්නාහිර හා දකුණු මුහුද ප්‍රදේශවල සුළං තත්වය වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බවය.

කෙසේ වෙතත් මේ වනවිට මුහුද ගොඩගැලීම් සිදුවූ ප්‍රදේශවල ජනතාව සඳහන් කරන්නේ වෙන වසරවලට වඩා මෙවර මුහුද ගොඩගැලීමේ ස්වභාවයේ චණ්ඩ තත්වය වැඩි බවත් මෙය කොළඹ වරාය නගරය නිසා ඇති වූවක් විය හැකි බවත්ය.

Facebook
Twitter
LinkedIn