අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සිදු කර ඇති දැනුම්දීමක අනුව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා මීට සුළු මොහොතකට පෙර නීතිඥවරුන් දෙදෙනෙකු සමග එම දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.
පකිස්ථානය ඇතුළු ආසියාවේ රටවල් කිහිපයක සිට ශ්‍රී ලංකාවට හෙරොයින් මත් කුඩු එවු බව කියන වෙලේ සුදා නොහොත් සමන්ත කුමාරගේ ප්‍රකාශයක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දුමින්ද සිල්වා මහතාගෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍ය තිබී ඇති අතර මේ වනවිට එම ප්‍රශ්න කිරීම සිදුකරගෙන යව බව පැවසේ.
Views: 0









