දූෂණ චෝදනා ලැබූ නිලධාරියෙකු මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් වශයෙන් පත්කිරීමේ සූදානමක් ඇතැයි එම දෙපාර්තමේන්තුවේ ආරංචිමාර්ග සඳහන් කරයි.
පත්කිරීමට සූදානම් වන මෙම නිලධාරියා රේගු සහකාර අධ්‍යක්ෂක වරයෙකු ලෙස කළක් සේවය කර ඇති අතර එහිදී විමර්ශන කටයුතු භාරව ලබාදුන් අතිවිශාල තීන්දු ප්‍රමාණයකින් රුපියල් කෝටි දහස් ගණනක් දෙපාර්තමේන්තුවට අහිමිකරමින් වංචාකාරී ලෙස ක්‍රියාකර ඇති බව අනාවරණය වේ.
මෙසේ තිබියදී තවත් මූල්‍ය වංචාවන් බහුල වශයෙන් සිදු කෙරෙන මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වශයෙන් දූෂිතයෙකු පත් කිරීමෙන් විශාල මුදල් ප්‍රමාණයක් රජයට අහිමිවීමේ අනතුර මතුව ඇතැයි දෙපාර්තමේන්තු සේවකයෝ පෙන්වා දෙති.
Views: 0









