ලොරියක පාසල් ගිගේ බස් නැති නිසා… යන්න වුනේ රෝහලට ලොරි තට්ටුව කැඩුන නිසා…

ලොරියක පාසල් ගිගේ බස් නැති නිසා… යන්න වුනේ රෝහලට ලොරි තට්ටුව කැඩුන නිසා…

පවතින ඉන්ධන අර්බුදය හමුවේ ගමනාගමන අපහමසුතා නිසා ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේදී සිසු සිසුවියන් පිරිසක් පාසල් රැගෙන ගිය ලොරි රථයක තට්ටුව කඩා වැටීමෙන් තුවාල ලැබූ දරුවන් 13 දෙනෙකු ඊයේ (30) උදෑසන රෝහල් ගතකර තිබේ.

අනතුරට හේතුව වී ඇත්තේ එම ලොරි රථයේ දරුවන් වැඩි පිරිසක් ගමන් කිරීම හේතුවෙන් ලොරියේ තට්ටුවට ඔරොත්තු නොදීමෙන් කඩා වැටීමෙනි. එම අවස්ථාවේ සිසුන් 37 දෙනෙකු අදාළ ලොරිය තුළ ගමන් කර ඇති බව පැවසේ.

එක් සිසුවෙකුගේ කකුල කැඩී ඇති අතර තවත් සිසුන් 13 දෙනෙකු රෝහල් ගත කර තිබේ. සිසුන් දෙදෙනෙක් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

Facebook
Twitter
LinkedIn