මහ නාහිමිවරුන්ගෙන් ජනාධිපතිට දැඩි බලපෑමක්

මහ නාහිමිවරුන්ගෙන් ජනාධිපතිට දැඩි බලපෑමක්

මහජන පීඩා තව දුරටත් උග්‍ර නොකොට එම ජීවිත සුරක්ෂිත කිරීමට නිර්ව්‍යාජ සර්වපාක්ෂික ආන්ඩුවක් පිහිටුවීමට වහාම කටයුතු කරණ ලෙස සිව් නිකායික මහානායක හිමිවරුන් ලිපියක් මගින් ජනාධිපතිට දන්වා ඇත.

අද(01) සවස මෙම ලිපිය යොමුකර තිබේ. සියලු පක්ෂ වහාම කැඳවා අගමැතිවරයා ප්‍රමුක කැබිනට් මන්ඩලය එම පක්ෂ අතරින් පත් කරණ ලෙස අවදාරණය කර ඇත. එම පක්ෂ අතරින් සුදුසු කෙනෙකු අගමැති ලෙස පත් කර ගැනීමට පක්ෂ අතරේ පොදු එකඟතාවයක් ඇති නොවන්නේ නම් ජාත්‍යන්තර වහයෙන් පිළිගත් සුදූසු අයෙකු ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු ලෙස පත්කර අග්‍රාමාතයදූරය ලබාදෙන ලෙසටත් බලකර ඇත.

Facebook
Twitter
LinkedIn