ෆයිසර් මුස්තාපා ඇමති ධුරය අත් හරියි

සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය වරයා වශයෙන් කටයුතු කරමින් සිටි ෆයිසර් මුස්තාපා මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

සිය ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍යවරයා විසින් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාට යවා ඇති බව අතර ඇමතිධුරයෙන් ඉවත් වුවද තමන් තවදුරටත් ආණ්ඩුවට සහාය ලබා දෙන බවද ෆයිසර් මුස්තාපා මහතා ප්‍රකාශ කරයි.

මීට පෙර ඒ මහතා හදිසියේම විදෙස් ගතවූ අතර අදාල අමත්‍යාංශයේ විෂයන් සම්බන්ධ ගැටලුවක් පැවති බවටද වාර්තා පලවිය.

Facebook
Twitter
LinkedIn