දිනේෂ්ගෙන් නීති විරෝධී සමාගමක්

ජලසම්පාදන ජලාපවහාන සහ නගර නිර්මාණ ඇමති වශයෙන් දිනේෂ් ගුණවර්ධන මහතා කටයුතු කළ සමයේ පිහිට වූ “යූ.ඩී.ඒ. රෙස්හවුස් ප්‍රයිවට් ලිමිටඩ්” නම් සමාගම නීති විරෝධී එකක් බව අනාවරණය වේ.

මෙම සමාගම 2007දී ලබාගත් කැබිනට් අනුමැතියක් මත පුද්ගලික රාජ්‍ය සමාගමක් වශයෙන් පිහිටුවන බව දැන්වීය. එහෙත් පිහිටුවා ඇත්තේ රජයේ පොදු සමාගමක් වශයෙනි. එවකට ජනක බණ්ඩාර ඇමතිවරයා මෙය නීතීවිරෝධී බව පවසා විරුද්ධ වී ඇති අතර නීතිප තිදෙපාර්තමේන්තුවද ඒ බව තහවුරු කර තිබේ.

ඉන්පසුව මෙම සමාගම තනිකරම ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යටතේ පවත්වාගෙන ගොස් තිබේ. මහත් ආන්දෝලනයකට තුඩු දී තිබෙන අලි හොරකම්වලට සම්බන්ධ මූලිකයෙකු වශයෙන් හඳුනාගෙන සිටින උදේනි වික්‍රමසිංහ නම් තැනැත්තා මෙම සමාගමේ සභාපති වශයෙන් ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කර තිබිණ. එහෙත් පිළිගතහැකි කිසිදු පත්වීම් ලිපියක් ලබා දී නැත. සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයද මෙසේ කටවචනයෙන් පත් කළ අය වෙති.

Facebook
Twitter
LinkedIn