නිල් බලකාය මුදල් ගැරූ හැටි හෙළි වෙයි

නාමල් රාජපක්ෂ මහතාගේ ”නිල් බලකාය සහ තාරුණ්‍යයට හෙටක්” යන සංවිධානවල කටයුතු සඳහා ජනාධිපතිවරයාගේ බලතල යොදා ගත් බවට සාක්ෂි සහිතව කරුණු ඔප්පු වෙමින් තිබේ.

2014 වසරේදී මැදමුලන අත්තනයාල ප්‍රදේශයේ පවත්වන ලද ඇසල උත්සවය සඳහා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් මුදල් ලබා ගැනීමට ජනාධිපති කාර්යාලයේ ලිපි ශීර්ෂයක් සහ එම කාර්යාලයේ ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ගාමිණී එස් සෙනරත් මෙන්ම ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් දීපා ලියනගේ යන අය යොදවාගෙන තිබේ.

මේ ආකාරයට නිල් බලකාය සහ තාරුණ්‍යයට හෙටක් සංවිධානවල විවිධ කටයුතු වෙනුවෙන් රාජ්‍ය ආයතනවලින් මුදල් ලබා ගෙන තිබේ. ඉදිරියේදී මේ පිළිබඳ සාක්ෂි සහිතව තොරතුරු හෙළිදරව් කිරීමට අප සුදානමින් සිටින්නෙමු.

Facebook
Twitter
LinkedIn