දිල්ලි ප්‍රාන්ත මැතිවරණයෙන් මෝදීගේ පක්ෂය පසුබෑමක

නරේන්ද්‍ර මොදි ජයග්‍රහණයෙන් පසුව පවත්වනු ලැබූ දිල්ලි ප්‍රන්ත මැතිවරණයෙන් භාරතීය ජනතා පක්ෂය පසූ බෑමකට ලක්වී ඇති බව වාර්තා වේ. ඊයේ (07) පැවැති මැතිවරණයේදී දිල්ලි ප්‍රාන්තයේ බහුතර බලය අරවින්ද කෙජ්රිවාල්ගේ ආම් ආද්මි පක්ෂය ලබා ගෙන ඇති බවට සමීක්ෂණ තොරතුරු වාර්තා කර තිබේ. ප්‍රාන්ත රජයක් පිහිටවීමට අවශ්‍ය ආසන 42ක් ඉක්මවා යන බලයක් ඔහුට ලැබෙනු ඇති බවත් වාර්තා වේ.

අරවින්ද් කෙර්ජිවාල් පසුගිය මැතිවරණයෙන් පරාජයට පත්වූ කොංග්‍රස් ආණ්ඩුවේ දූෂණය, වංචාව හා කුලවාදයට එරෙහිව දැවැන්ත විරෝධතාවයක් ගෙන ගිය අතර එයින් ඔහුගේ ජනප්‍රියත්වය සීඝ්‍රයෙන් වැඩි විය. දිල්ලි ප්‍රාන්ත මැතිවරණයේ නිල ඡන්ද ප්‍රතිඵල ලබන 10 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර නරේන්ද්‍ර මොදිගේ රජය ලැබූ පළමු මැතිවරණ පසුබෑම මෙය බව සැලකේ.

Facebook
Twitter
LinkedIn