ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මසුන් ඇල්ලීමේ නිරත වන විදේශීය රාජ්‍යයන්වලට අයත් නැව් සඳහා ලබා දී ඇති අවසරය තහනම් කිරීමට ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය තීරණය කර ඇති බව වාර්තා වේ.
පසුගිය කාලය පුරා වැඩි වශයෙන් මෙරට මුහුදු සීමාවේ විදේශීය යාත්‍රා ශ්‍රී ලංකා ධජය සහිතව මසුන් ඇල්ලීමේ නිරත වන අතර මෙරට ධීවරයින් හට නෙලා ගැනීමට තිබූ මත්ස්‍ය අස්වැන්න විශාල වශයෙන් විදේශයන් විසින් කොල්ලකනු ලැබීය. විශේෂයෙන්ම ජපානය සහ චීනය මේ අතර ප්‍රමුඛත්වය ගෙන සිටියේය.
රාජපක්ෂ රජය සමයේ මෙරට ධීවර කර්මාන්තයට තවත් බරපතල පහරක් එල්ල වෙමින් යුරෝපා සංගමයට අයත් රටවල මෙරට මත්ස්‍ය නිෂ්පාදන අලෙවිය සඳහා තහනමක් පැණවීය. රජයේ අකාර්යක්ෂමතාවය නිසා මෙම තත්වය උදා වූ බවත් මෙය මඟහරවා ගැනීමට මැදිහත් විය යුතු බවත් සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය දිගින් දිගටම බලපෑම් කළේය.
Views: 0









