ජවිපෙ මැදිහත්වීමෙන් රාජුගේ වැලි ව්‍යාපාරය නවතී

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරෙකුවන රාජු නැමැත්තා නීතිවිරෝධී ලෙස සිදුකරමින් සිටි වැලි ජාවාරම නැවැත්වීමට ජනතා විමුක්ති පෙරමුණේ පොලොන්නරුව දිස්ත්‍රික් සංවිධායක ටී.බී. සරත් මහතාගේ මැදිහත්වීම මත ජනාධිපතිවරයා කටයුතු කර ඇතැයි වාර්තා වේ.

පෙබරවාරි පළමු වෙනි දින සිට මනම්පිටියේ නීතිවිරෝධී වැලි ගොඩදැමීම් නවත්වන ලෙස ජනාධිපතිවරයා දන්වා තිබිණ. එය නොතකා වැලි ගොඩදැමීමේ යෙදී සිටි රාජු නැමැත්තා පිළිබඳ විස්තර ජනතා විමුක්ති පෙරමුණේ පොලොන්නරුව දිස්ත්‍රික් කාර්යාලයව වෙත දිගින් දිගටම ලැබී තිබේ. ඒ අනුව ක්‍රියාත්මක වූ ටී.බී. සරත් මහතා මේ සම්බන්ධයෙන් අදාල පොලිස් ස්ථාන වෙතතත් උසස් පොලිස් නිලධාරීන් වෙතත් ජනාධිපති විශේෂ ඇමතුම් ඒකකය වෙතත් දැනුම් දී තිබේ.

ඒ අනුව ක්‍රියාත්මක වී ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද මේ සම්බන්ධයෙන් ඔහුගේ නීතිවිරෝධී වැලි ජවාරම නතර කිරීමට කටයුතු කරන්නැයි දන්වා ඇත. ඒ අනුව රාජු නැමැත්තාට සිය වැලි ජාවාරම ඉදිරියටත් සිදුකරගැනීමට නොහැකි තත්වයක් උද්ගතව තිබීම මත මේ වනවිට එය නැවතී තිබේ.

ආශ්‍රිත පුවත්

ජනපති සොයුරෙකුට එරෙහිව ජවිපෙට පැමිණිල්ලක්

Facebook
Twitter
LinkedIn