ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක ධූරයට පත් කර සිටින හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමරතුංග මහත්මියගේ තනතුර හා සමාන තනතුරක් මහින්ද රාජපක්ෂ මහතාට ලබා දුනහොත් තමා එම ධූරයෙන් ඉල්ලා අස් වන බව සිරස රූපවාහිනියේ සමග ඊයේ (03) පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කළාය.
හිටපු ජනාධිපතිනිය එහිදී අදහස් දක්වමින් “ පක්ෂය මහින්ද රාජපක්ෂටයි මටයි සම තනතුරු දෙකක් දීලා තියෙනවා. මීට අවුරුදු 08කට කලින් මහින්ද මාව පක්ෂයේ සභාපති තනතුරෙන් කැත විදියට පන්නපු වෙලාවේ මම පිට රටට වෙලා හිටියා. මම රණ්ඩු කරන්නවත් මහින්ද වගේ අනුකම්පාව දිනාගන්න එක එක කැත වැඩ කරෙත් නැහැ. මම නිහඬව පැත්තකට වෙලා හිටියා. ඒ වෙලාවේ තමයි පක්ෂයේ අය, එතුමිය පැත්තකට කරලා තියන්න බැහැ කියලා, අනුශාසක ධූරක් හලදා, මාව ඒ තනතුරට පත් කළේ. එතෙක් අනුශාසක ධූරයක් තිබුණේ නැහැ. බලතල ගණනාවක් තිබුණා. ඒ එකක්වත් ක්‍රියාත්මක කරන්න දුන්නේ නැහැ.
මම කොහොමවත් බලාපොරොත්තු වුණේ නැහැ මහින්ද පක්ෂයට සහ රටට කරලා තියෙන විනාශයේ තරමට අනුශාසක ධූරය තියා මොකක්වත් දෙයි කියලා. ඒක දුන්නාට පස්සේ තමයි මම දන්නේ. මම නව සභාපතිතුමාට මෛත්‍රීපාල සිරිසේන මහතාට කිව්වා ඉල්ලා අස් වෙනවා කියලා. එයත් එක්ක සම තත්වෙනම් ඉන්න බැහැ කියලා. මම ඉල්ලා අස් වෙන්න ලෑස්ති වුනේ. පක්ෂයෙන් නෙවෙයි තනතුරෙන්. පොඩ්ඩක් ඉන්න කියලා කියපු නිසා ඉන්නේ. “
මෛත්‍රීපාල සිරිසේන වත්මන් ජනාධිපතිවරයා බලයට ගෙන ඒම සඳහා පසුබිමේ සිට විශාල වැඩ කොටසක් කරන ලද්දේ හිටපු ජනාධිපතිනිය විසිනි. නමුත් මහින්ද රාජපක්ෂ පරාජය වු පසුව කතානායක නිල නිවසේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හමු වී පක්ෂයේ බලතල ලබා ගැනීමත් සමග ශ්‍රිලනිපය තුළ අලුතින් අභ්‍යන්තර ගැටුම් ඇතිව තිබෙන බව හිටපු ජනාධිපතිනියගේ මෙම ප්‍රකාශයෙන් ඉඟ කෙරේ.









