ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සහ ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ පත්කළ මන්ත්රී ටිරාන් අලස් මහතා අතර විශේෂ හමුවක් ඊයේ (03) පවත්වා තිබේ.
කුරුප්පු මාවතේ පිහිටි ටිරාන් අලස් මහතාගේ නිවසකදී ඊයේ රාත්රී 9.30ට පමණ මෙම හමුව පවත්වා ඇත.
මෙහිදී සාකච්ඡාවූයේ කුමක්ද යන්න තවමත් තහවුරු වී නැත.
මේ අතර ලබන 14වනදා ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය පත් කිරීමට නියමිත බවට වාර්තා පළවෙමින් තිබේ. එමෙන්ම ඉදිරි මහ මැතිවරණයකදී ශ්රී ලංකා නිදහස් පක්ෂය තනිවම තරඟ කරන්නේනම් එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස තරඟ කළ බොහෝ පක්ෂ දේශපාලන පිටියෙන් විසිවී යනු ඇති බැවින් එම අර්බුදය මගහරවා ගැනීම සඳහා ඒ ඒ දේශපාලන පක්ෂද විවිධ ක්රියාමාර්ග තෝරමින් සිටී.
Views: 0









