1956දී ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ මුල්ම වෘතාන්ත චිත්‍රපටය වූ රේඛාවේ පසුබිම් ගායනයට එක්වෙමින් තම ගායන කෞෂල්‍ය විදහා පෙන්වූ සිසිර සේනාරත්නයන් අද (04) පස්වරුවේ අභාවප්‍රාප්ත වී ඇත.
එම චිත්‍රපටයේ ඕලු නෙලුම් නෙරියරඟාලා ඇතුළු ගීත කිහිපයක් සිසිර සේනාරත්න සහ ඉන්ද්‍රණී විජේබණ්ඩාර යුවල ගායනා කර තිබේ. මෙම චිත්‍රපටය සිංහල සිනමාවේ සංධිස්ථානයක් ලෙස සැලකේ. ඉන් පසුව චිත්‍රපට පසුබිම් ගායනය සහ සරල ගී ගායනයෙන් ජනප්‍රියත්වයට පත් වූ සිසිර සේනාරත්නයන් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ සේවය කළේය. ගායනයට අමතරව ඔහු චිත්‍රපටි සංගීත අධ්‍යක්ෂණයද සිදුකළේය.
රේකාව චිත්‍රපටයට අමතරව ඒ මහතා “ආලෝකේ පතුරා” (හඳපාන), “කොහෙදෝ කියා”(සුදු පරවියෝ), “අම්මා සිහව” (ලේ කඳුළු), “ඈත අහසේ” (හඳපාන), “කෝ යුක්ති ධර්මේ” (පොඩිපුතා), “මංගල මධු” නන්දා මාලනී සමඟ (සමනල කුමරියෝ), “නුහුරු නුපුරුදු” (ගොළු හදවත), “කෝකිල දේවිය” (දස්කොන්), “පිදුරු සෙවිකළ” (හඳපාන), “ප්‍රහේලිකාවක් වගේ” (මා ආලේ කළ තරුණිය), “චන්ද්‍රයා පායා” (හිතටහිත), “මේ ලෝකේ නවාතැනේ (පොඩිපුතා) ඇතුළු චිත්‍රපටි ගණනාවක් වෙනුවෙන් පසුබිම් ගී ගායනා කළේය.
ඒ මහතා මිය යනවිට වයස අවුරුදු 79ක් පසුකරමින් සිටියේය. අවසන් කටයුතු පිළිබඳව පසුව දැනුම්දෙන බව වාර්තා වේ.









