රුසියවට තර්ජනය කරමින් යුක්රේනයට ඇමෙරිකාවෙන් අවි ආයුධ

යුක්රේනයේ නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක රුසියානු හිතවාදී පාලනයට එරෙහිව ප්‍රහාර එල්ල කිරීමට එරට හමුදා වෙත අවි ආයුධ ලබා දීමේ ඇමෙරිකානු සූදානමක් පවතින බව වාර්තා වේ.

ඇමෙරිකානු ජාතික ආරක්ෂක ප්‍රකාශිකා බර්නාඩේටා මිහාන් ප්‍රකාශ කර ඇත්තේ ආරක්ෂිත අවි ආයුධ හා මාරාන්තික ආධාර ලබා දීම වෙනුවෙන් ඇමෙරිකානු බලධාරීන් සලකා බලමින් සිටින බවයි. ඒ පිළිබඳ අවසන් තීරණයක් ගෙන නොමැති බවත් යුක්රේනයේ ආරක්ෂක තත්වය පිළිබඳව නිරන්තර අවධානයකින් පසු වන බවයි.

ප්‍රජාතන්ත්‍රවාදීව පත්වූ යුක්රේනයේ හිටපු ජනාධිපති වික්ටර් යනුකොවිච් බලයෙන් පහ කිරීමෙන් පසුව ගොඩනැගුණු පෙට්රෝ පොරෂෙන්කෝ බලයට ගෙනඒම පිටුපස ඇමෙරිකාව ක්‍රියාත්මක වූ බවට චෝදනා එල්ලවී තිබේ. ඔහුගේ පත්වීමට එරෙහිව රුසියානු භාෂාව කතා කරනු ලබන බහුතරයක් වාසය කරන ක්‍රිමියා අර්ධද්වීපය ජනමත විචාරණයක් පවත්වා යුක්රේනයෙන් වෙන් වීම ප්‍රකාශයට පත් කරනු ලැබීය. ඉන් පසුව නැගෙනහිර යුක්රේනයේ ඩොනෙක්ස් හා ලුකාන්ස් පළාත්ද යුක්රේනයෙන් වෙන් වීම වෙනුවෙන් සටන් වදිමින් සිටී. මේ වනවිට එම පළාත්ද ජනමත විචාරණ පවත්වා යුක්රේනයෙන් වෙන් වීම ප්‍රකාශයට පත් කර තිබේ. යුක්රේනයේ දේශපාලන කුමන්ත්‍රණය පිටුපස ඇමෙරිකානු වුවමනාවන් පෙළගැසී තිබූ බව හෙළි වී තිබේ. මේ වනවිට එම තත්වය උපයෝගී කර ගනිමින් රුසියාවට හුදකලා කර ප්‍රහාරයක් දියත් කිරීමට ඇමෙරිකාව සූදානම් වෙමින් සිටී.

Facebook
Twitter
LinkedIn