මහජන සාමය පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් වන බව වාර්තා වේ.
පසුගියදා වත්තල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට පහරදීමේ සිදුවීම මුල්කර ගනිමින් මෙම විශ්වාසභංගය ගෙන ඒමට සූදානම් වේ. එහිදී සභාව තුළට පැමිණ සභාපතිවරයාට පහර දුන් මැරයන් පිළිබඳව වීඩියෝ දර්ශන පවා තිබියදී ඔවුන්ව බේරා වෙනත් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම නිසා මෙම විශ්වසභංග යෝජනාව ගෙන ඒමට සැලසුම් කර තිබේ.
Views: 0









