පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් මහතාගේ උපදෙස් මත මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවෙකු වන සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ කඩනම් කර ඇති බවත් සතියක කාලයක් තුළ පරීක්ෂණ අවසන් කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහන මහතා පවසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන අදාළ පරීක්ෂණ සඳහා බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර මහතා පත් කර ඇති බවත් එම පරීක්ෂණ වලින් අනතුරුව තහවුරු වන කරුණු මත තවත් සැකකරුවන් රැසක් අත්අඩංගුවට ගැනීමට බලාපොරොත්තු වන බවත් අජිත් රෝහණ මහතා ඊයේ (02) පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.
වෙලේ සුදාගේ මත්ද්‍රව්‍ය ජාවාරම ගැන කෙරෙන පරීක්ෂණ වලින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු 36 දෙනෙකුගේ පමණ තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන්ය.
මේ අය අතර විවිධ තරාතිරම්වල පොලිස් නිලධාරීන් සිටින බවද පැවසේ.
හිටපු පොලිස්පතිවරයෙකු ගැනද තොරතුරු අනාවරණය වන බැවින් ඔහු සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් එහිදී මාධ්‍යවේදීන් කළ විමසීමේදී අජිත් රෝහණ මහතා සඳහන් කරනු ලැබුවේ ඔහු සම්බන්ධයෙන්ද නීතිය එකහා සමානව ක්‍රියාත්මක වන බවය.
දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් මෙතෙක් කර ඇති විමර්ශනවලින් යම් සාක්ෂි ප්‍රමාණයක් ලැබි ඇති බවත් ගිණුම් පරීක්ෂාවන් තුළින්ද සාක්ෂි ලැබි ඇති බවත් අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසුවේය.









