“තට්ටු මාරුවට සිදුකරන බලසූදුව වහා නවතනු ජන මතයට හිස නමනු.!” යන තේමාවෙන් යුතුව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව හෙට (29) පස්වරු 2.30ට විහාරමහාදේවී උද්‍යානය අසළින් විරෝධතාවයක් ආරම්භ කරන බව එහ කැඳවුම්කරු වෛද්‍ය ශිෂ්‍ය ඉමේෂ් සංගීත් සඳහන් කරයි.
රටේ දැනට පවතින ආර්ථික, සමාජ, දේශපාලන අර්බුධ නිසා අධ්‍යාපනය, සෞඛ්‍ය හා අනෙකුත් ක්ෂේත්‍ර අඩපණ වී ඇති බවත් මේ නිසා රටේ ජනතාව සිය විරෝධය පාමින් නැගී සිටින අවස්ථාවේ, ආණ්ඩුව මර්දනකාරී වැඩපිළිවෙළක් අනුගමනය කරමින් නිරායුධ ජනතාවට එරෙහිව අවි ආයුධ එසවීමට පවා පෙළඹී ඇති බවත් එයට එරෙහිව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරීන් ලෙස නැගී සිටින බවත් ඔහු සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ සියලුම වෛද්‍ය පීඨයන්හි ශිෂ්‍යයන් මෙයට සම්බන්ධ වන බවත් ඔහු වධාරණය කරයි.
දැනට ඇති වී තිබෙන ආර්ථික අර්බුධ හේතුවෙන් රටේ සියලුම ක්ෂේත්‍ර පාහේ බොහෝ ගැටලුවලට මහුුණ දෙමින් රට අකර්මණය වෙමින් පවතින බවත්, වසර 74ක් තිස්සේ ආණ්ඩු ගත් වැරදි තීරණ මෙම සියලු ගැටලුවලට හේතු වී ඇති බවත් පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු වෛද්‍ය ශිෂ්‍ය ඉමේෂ් සංගීත් පෙන්වා දෙයි. දූෂිත දේශපාලකයන් විසින් ඇතිකර තිබෙන මෙම ආර්ථික, සමාජ අස්ථාවර භාවයට විසදුම තට්ටු මාරුවට සිදු කරන බල හුවමාරුව නොවන බවත් රනිල් වික්‍රමසිංහ වැනි අයෙක් අගමැති කරමින් මෙලෙස ඩීල් දේශපාලන තීන්දු ක්‍රියාත්මක කරීම තුළින් සිදුවන්නේ රට තව දුරටත් අගාධයට යැවීමක් බවත් ඔහු අවධාරණය කරයි.











