සාමකාමීව අරගල කිරීමේ අයිතිය අධිකරණය තහවුරු කරයි…

සාමකාමීව අරගල කිරීමේ අයිතිය අධිකරණය තහවුරු කරයි…

ජනතාවට සාමකාමීව අරගල කිරිමේ අයිතිය තහවුරු කරමින් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ, ගෝටාගෝගම අරගලයට දින 50ක් පිරිම නිමිත්තෙන් අද (28) පසුවරු 02ට කොල්ලුපිටියේ සිට ගෝටාගෝගම දක්වා පැවැත්වීමට නියමිත විරෝධතා පගමන වැලැක්වීමට කොළඹ කොටුව පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ පැමිණිල්ලත් පාදක කර ගනිමිනි.

එම නියෝගය නිකුත් කර ඇත්තේ, අරගලයට නායකත්වය ලබා දෙන ජීවන්ත පීරිස් පියතුමා, සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන ලක්මාල්, සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර ඇතුළු පාර්ශවකරුවන් 06 දෙනෙකු නම් කරමිනි.

එම අධිකරණ නියෝගය පහතින් පල වේ…

Facebook
Twitter
LinkedIn