නව හැවිරිදි දැරියක් අතුරුදන්

නව හැවිරිදි දැරියක් අතුරුදන්

අටුලුගම ප්‍රදේශයේ විදුහලක 04 වන වසරේ ඉගෙනුම ලබන පාතිමා අයේෂා නැමැති නව හැවිරිදි දැරිය අතුරුදන් බවට දැරියගේ දෙමව්පියෝ පැමිණිලි කර ඇතැයි බණ්ඩාරගම පොලිසිය පවසයි.

දැරිය කුකුල් මස් ගෙන ඒම සඳහා අද (27) උදේ 10ට පමණ නිවසේ සිට මීටර් 250ක් පමණ ඈතින් වූ වෙළද සැලකට ගොස් ඇති නමුත් ආපසු නිවසට පැමිණ නැතැයි ඇයගේ දෙමව්පියෝ පොලීසියට පැමිණිලි කර තිබේ.

අතුරුදන් වූ දැරිය සිව් දෙනකුගෙන් යුත් පවුලේ තුන්වෙනි දරුවා බව පොලිසිය කියයි.

දැරිය වෙළඳ සැලට ගොස් පැයක් පමණ ගත වුවත් නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් දැරියගේ මව ඥාතිවරියකට ඒ බව පවසා දැරිය අවට නිවාසවලද සොයා ඇත. නමුත් දැරිය හමුවී නැති බැවින් පසුව පොලීසියට පැමිණිලි කර තිබේ.

එම පැමිණිල්ල මත මේ වනවිට බණ්ඩාරගම පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.

Facebook
Twitter
LinkedIn