මන්කිපොක්ස් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීම්

මන්කිපොක්ස් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීම්

කොරෝනා වෛරසයෙන් පසුව මෑත කාලීනව ලෝකය තුළ පැතිර යන මන්කිපොක්ස් වෛරසය මේ වනවිට යුරෝපා මහද්වීපය පුරාම පැතිරීමේ අවදානමක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අනතුරු අඟවයි.

මේ වනවිට ඇමරිකාව, එක්සත් රාජධානිය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය වැනි රටවලද මෙම ආසාදිතයන් හමු වී ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි.

උණ, හිසරදය, ඉදිමීම, කොන්දෙ කැක්කුම, මාංශ පේශි කැක්කුම සහ තෙහෙට්ටුව මන්කිපොක්ස් වෛරසයේ ආරම්භක රොගී ලක්ෂණ ලෙස සඳහන් වන අතර උග්‍ර රෝගාබාධයකින් පෙළෙන පුද්ගලයින්ගේ මුහුණේ සහ අත්වල කුෂ්ඨ ඇතිවිය හැකි බවත් එය ශරීරයේ අනෙකුත් කොටස්වලට පැතිරෙන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ (27) ප්‍රකාශ කළේ ලොව පුරා රටවල් 20කින් මන්කිපොක්ස් රෝගීන් වාර්ථා වී ඇති අතර මෙම වෛරසය වැලඳුණු තවත් ආසාදිතයන් අපේක්ෂා කරණ බවය.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පවසන පරිදි, මෙම වෛරසය හඳුනා ගැනිම සඳහා වඩාත් උචිත පරීක්ෂණය වන්නේ පොලිමරේස් දාම ප්‍රතික්‍රියාව (PCR) රසායනාගාර පරීක්ෂණයයි.

මන්කිපොක්ස් වඳුරු වෛරසය යනු මිනිසුන්ට සහ අනෙකුත් සතුන්ට වෛරසය ඇති කරන ද්විත්ව DNA සහිත වෛරසයකි. එම වෛරසය Poxviridae පවුලේ Orthopoxvirus ගණයට අයත් වන අතර එය මානව විකලාංග වෛරසවලින් එකක් ලෙසද වෛද්‍යවරු හදුන්වති.

Facebook
Twitter
LinkedIn