රාජපක්ෂලා මෙහෙයවූ මැරයන් අතර ජනාධිපති ලේකම් කාර්යාලයට සම්බන්ධ අයත් ඉඳලා

රාජපක්ෂලා මෙහෙයවූ මැරයන් අතර ජනාධිපති ලේකම් කාර්යාලයට සම්බන්ධ අයත් ඉඳලා

පසුගිය මැයි 09 වෙනිදා මයිනාගෝ ගමට සහ ගෝඨාගෝ ගමට රාජපක්ෂ මැරයන් යොදවා එල්ල කළ නින්දිත ප්‍රහාරය සම්බන්ධයෙන් අත්තඩංගුවට ගත් පිරිස අතර ජනාධිපති පුද්ගලික ලේකම්ගේ දේශපාලන අනුගාමිකයින්ද සිටින බව අනාවරණය වේ.

ජනාධිපති පුද්ගලික ලේකම් සගීෂ්වර බන්ඩාර වන අතර ඔහු පිවිතුරු හෙළ උරුමයේ නිලධාරියෙකි. ඔහුගේ දේශපාලන අනුගාමිකයන් වන බන්දුල ජයමාන්න සහ සමීර චතුරංග ආරියරත්න මේ වනවිට පොලිසියෙන් අත්තඩංගුවට ගෙන සිටී. මොවුන් අත්තඩංගුවට ගෙන තිබෙන්නේ නීතිපතිවරයා විසින් අත්තඩංගුවට ගන්නා ලෙස ඉදිරිපත් කළ 22ක ගේ නාම ලේඛනය තුළ සිටීම නිසාය.

ඔවුන් වීඩියෝ සාක්ෂි අනුව හඳුනාගැනීමෙන් පසුව අත්තඩංගුවට ගෙන තිබේ. නීතිපතිවරයා ඉදිරිපත් කළ ලේඛණයේ තුන්වන සැකකරු ලෙස බන්දුල ජයමාන්න සිටින අතර එහි 11 වන සැකකරු සමීර චතුරංග ආරියරත්න නැමැත්තාය. බන්දුල ජයමාන්න ජනාධිපති පුද්ගලික ලේකම් සුගීෂ්වර බන්ඩාරගේ අත්වැල නම් සංවිධානයේ අවිස්සාවේල්ල සංවිධායකයා ය. සමීර චතුරංග කරන්දෙණිය ප්‍රාදේශිය සභාවේ පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරයෙකි.

Facebook
Twitter
LinkedIn